Pages

හත්පන……(මැරෙණ දවස)

ගම දුවගේ මගුල් දිනය පැමිණියේය. ගම ගෙදර ඉදිරියෙහි මහත් තොරණකි. ගෙය වියන් බැඳ සියළු ඇඳ පු‍ටු සුදු අතුරා අලංකාර කරන ලද්දේය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූහ.

ඒ කිරිහාමිට බොහොම හොඳ දවසෙකි. 'අනේ අම්මේ, ඉතින් ආයෙත් මෙහෙම දවසක් ලඟදී ඒදැ' යි කිරිහාමි නොයෙක් වර ඇසීය. 'ඇයි ඔබට හිර ගෙනෙන දා' යනු මවගේ පිළිතුරය.

කිරිහාමි වරක් කැවුම් තුබූ තැනට ගොස් ඉන් හත අටෙක රස බලයි. වරක් කිරිබත් කැටි කරන තැනට ගොස් ඉන් කැටි හත අටෙකට ඉඩ ගෙන දෙයි. 'කිරිබතේ ලුණු කිරි රස ඇද්ද, පුතේ ?' යි මව අසයි. අනේ, මා දන්නේ නෑ අම්මේ. ගුණ දොස් කිය කියා වැඩේ පාළු කරන්නට ආවා නොවෙයි මා' යි කියමින් කිරි හාමි තමාගේ කටයුත්තම කෙරෙයි.

දැන් ගෙය නෑදෑයන්ගෙන් පිරුණේය. බත් වේලාවද ලඟය. 'පුතේ, අනේ, හොඳ පුතා වගේ මේ අමුඩයත් කලයත් අරගෙන අර වෙලේ ලිඳට ගොහින් නාලා එන්න. අද මේ මඟුල් දවසේ හොඳට පිරිසිදු වී ඇඳගෙන ඉන්නට එපා යැ' යි මව කීවාය. වෙන දා මෙවන් කීමක් නොසැලකුවත් කැවුම් කිරිබතේ අනුහසින් කිරිහාමි කීකරු විය.

වෙලේ ලිඳ ලඟ කඹයක් නොවීය. කිරි හාමිට දිය ලණුවෙක්ද නොවීය. ඉතින් කෙසේ අමුඩ ගසන්නටද ? කෙසේ ලි‍ඳෙන් දිය අදින්නටද ? වෙලේ ලිඳ ලඟම දිග එළි කැර සිටිනා ගොනා දැක කිරි හාමි කඹය කණුවේ බැඳ කොන ලිහා ගත්තේය. අනෙක් කොන ගොනා ගේ කරේමය. කිරිහාමි කඹයේ මැද ඉණේ දවටාගෙන අමුඩය ගසාගත්තේ ය. කොන කලයේ බැඳ දිය ඇද ඇද නාන්නට විය.

මේ අතර ඒ අසලින් ගිය සඟ නමක් ඒ දැක 'මහ මෝඩයෙක් ! ගොනා කඹය ඇද්දොත් ?' යි කීයේය. ඵ් 'කඹය ඇද්දොත් ! එහෙනම් මා අද්දන්නෙ' යි කියමින් කිරිහාමි නෑවේය. 'කඹය ඇද්දොත්-

බිම පෙ‍රැළෙයි
කළය බි‍ඳෙයි
ගොනා දිවෙයි
වැඩ ගොඩ වෙයි

යනු කියමින් සඟ නම ගියේය.

වරක් කිරිහාමි දිය කළය හිසට ඔසවනු හා සමඟම කඹයේ තදය දැනී ගොනා හිස ගැස්සීය. එයින් පය ලිස්සා ගොස් කිරිහාමි ළිං පඩිය උඩ වැටී කළය මහ හඬින් කුඩු විය. ගොනා බිය ගෙන කිරිහාමිද ඇදගෙන දුවන්නට වන්නේය. ඒ නියරෙහි මේ නියරෙහි හැපීමෙන් කිරි හාමිට බොහෝ තුවාල විය. වේදනාව ඉවසා ගත නොහී හේ මර හඬ දෙන්නට විය. එහෙත් ගොනා නොනැවතීම දිව්වේය.

කිරිහාමිගේ මර හඬ ඇසී ගෙදර මිනිස්සු වහා දිව අවුත් කඹය කපා ඔහු ගලවා ගත්තෝය. නිදහස් වූ වහාම කිරි හාමි සඟ නම සොයා දුවන්නට වන්නේය. 'පුදුම හාමුදුරු කෙනෙක් ! මා වැටෙන බව, කළය බි‍ඳෙන බව, ගොනා දුවන බව කලින්ම කී හැටි' යි සිතමින් හේ පසු නොබලා දිව්වේය.

සඟ නම දු‍ටු තැනදී කිරිහාමි වැඳ වැ‍ටුනේය. අනේ හාමුදුරුවනේ, අර මා වැටෙන බව, කළය බි‍ඳෙන බව, ගොනා දුවන බව කලින්ම දැක්කේ දිවැසින්ද ?

'ඔව්'

'අනේ, එහෙනම් මා මැරෙන දවසත් කියන්න'

'හිසත් පයත් එක තරමට සීතල වුණු දා'

මෙසේ කියා සඟ නම ගියේය. මැරෙන දවස දැන ගතිමියි කියමින් කිරිහාමි ගෙදර ආයේය. ගෙදර කලබලය එයින් නැවතී මඟුලේ කටයුතු හොඳින් කැරුණේය.

හත්පණ..... (උපන් පණ)

හත්පණ කිව්වහම ඉතිං නො(දන්නෙ) කව්ද ? දැන් ඉතිං ඔය වගේ එව්ව කියවන ඈයො නෑනොවැ.. දැන් එකාල කියවන්නෙ අර දුම් පයිප්පෙ කටේ ගහගත්ත කව්ද එක්කෙනාගෙ මෙව්ව පරීක්ෂක කතා... කිව්වට මොකෝ මම ඕවයින් එකක්වත් කියෝල නෑ...  ඒක වෙනම කතාවක්....... මට නිකමට වගේ හිතුන මයෙ බ්ලොගි ක‍ටුවෙන් හත්පණ පොතේ කතාව කතාව කෑල්ල කෑල්ල අකුර අකුර දාන්න.... ඕක  කියෝපු අයත් අඩුයි වගේලුනෙ...ඇත්තම කිව්වොත් ඒක නෙමේ හේතුව. මට දාන්න පෝස්ට් නැති හින්දයි මේක දාන්නෙ.... මොන හේතුවක් නිසා දැම්මත් හත්පණ ජංජාල ගත වෙනවනම් මොකෝ... එහෙඤං අද පලවෙනි එක දාඤව.... උපං පණ. එහෙඤං ඔන්න කියෝන අය කියෝල බලන්නකො....

උපන් පණ

නෙරළුවේ කුසල් හාමි ගමරාල හොඳ පොහොසතෙකි. ගොඩින් අමුණු පහක්ද, මඩින් අමුණු හතක්ද පමණ වූ ඉඩම් ඔහුට ඇත. ඔහුගේ මහ පෙට්ටියේ යට තට්‍ටුව අත ගා බලන්නට ලැබුණොත් ඔහුට මුදලුත් ඇද්ද නැද්ද යනු හොඳින් දැනගත හැකිය .

සකසුරුවම් කමින් කුසල් හාමිනේ හිමියාට කිසි සේත් දෙවනි නොවේ. පෙට්ටියේ මුදල් ‍රැකෙතියි ඇයගේ විශ්වාසයක් නැත. එක එක ලිග්ගල ලඟ වළලන ලද මහ කැටයක් පමණ මුදල් රකින්නට හොඳ දෙයක් නැති බව ඕ දනී. ඇය විසින් මුදල් ‍රැක්ක යුත්තේ හිමියාගෙන් පමණකි. ඊට මෙතරම් හොඳ ක්‍රමයක් තවත් නැත.

මේ දෙමහල්ලනට පුතෙක්ද, දුවක්ද වූහ. දුව රූමත් තරුණියකි. ඇයගේ කෙස් වැටිය විහිදා ලූ කල කණට වැටේ. ඇඟ තැඹිලි පාටය. උදයම මැද්දාට පසු නම් දත් සුදුය. හවස් වන විට ඒ රතට හැරෙයි. හොඳ උස මහතින් යුත් මේ තරුණිය දෙමව්පියන්ට මහත් ආඩම්බරයකි.

පුතාගේ නම කිරි හාමිය. හේ උස්ය, මහත්ය, කදිම පෙනුමක් ඇත්තෙකි. ලමා කල අකුරු කරන්නට යයි අසල පල්ලියට යැවූ නමුත් ඔහු දන්නා අකුරක් නැත. ඔහු ගේ නුවණ කොතරම් දැයි කියත හොත් කවුරුත් ඔහුට 'පණ්ඩිතයා' යයි කියති. කිසි දෙයක් ගැන කල්පනාවක් කිරීම නුවුවමනා බැවින් මේ නම හොඳට සුදුසු යැයි මව්පියෝද කියත්.

ගම පුතාට තවත් නමෙක් වෙයි. එනම් 'කිරි බත් හාමි' යනුයි. වෑදමක් වූ දා හෝ, මඟුලක් වූ දා හෝ බොහෝ දෙනා ‍රැස්ව සිටිද්දීම, කිරිබත් ගොඩක් සොයා ගන්නට බැරි වෙන ලෙස හංගන ගුරුකමක් කිරිහාමි දනී. එසේ කරන්නේ අනුනට ඉඩක් නොදීම පණ්ඩිත කම් දොඩමින්ය. 'කිරි හාමි' යන්නට 'බත්' යන ටික නිකන්ම එකතු වුණා නොවන බව මෙයින් පෙනේ.

නිඳන්නට ගිය විට කිරි හාමි රෑ දවල් වෙනසක් නොදනී. 'මේ කටයුතුය, මේ නොකට යුතුය' යන්නක් කිරි හාමි කිසි විටෙකත් නොදකී. එබඳු යමක් අනෙකෙකු කිවද ඔහුට නොඇසේ. ඔහුට හිතුනොත් සියල්ලම නොකටයුතුය. මේ නිසා කිරිහාමිට ඇති තවත් නම් බොහෝය.

කොපමණ නම් ඇති වුවත් කිරිහාමිගේ හොඳ ගුණයෙක් වෙයි. එනම් නම්බු නමක් වුවත් අවනම්බු නමක් වුවත් එක ලෙස සැලකීමයි. මේ නිසා කිරිහාමිගේ හිතට කිසි පීඩාවෙක් නැත. එහෙයින් ලෙඩ දුක් ඔහු නොදන්නා දෙයෙකි.

ලෙඩක් දුකක් නැති හෙයින් කිරි හාමි කන බොන දෑ හොඳට අල්ලයි. ඉතින් ඇඟ මහත් වීම පුදුමයෙකැ ? එනෙක් අයට කෙසේ කල දවස ගියත් කිරි හාමි සුවසේම ජීවත් වීම පුදුමයෙකැ ?

මුලත් හීං, අගත් හීං, මැද ලොකුයි... දෙමළ බෙරයක් වගේ..... :O

මේං නියම කතාවක්. පිටපත් කොරගත්තෙ සඟ රස බස් කියන පොතෙං.... මේක බැදිගම රතනපාල හාමුදුරුවන් හා සබැඳි කතාවක්නෙ... සියල්ලදත් (පණුවො කෑවද දන්නෙ නෑ. නිකං දෙන අස්සයගෙ දත් ගනින්නෙ මොටද) කාරණා කාරයෙක් මේ බැදිගම හාමුදුරුවොත් එක්ක ආගම් පිලිබඳ වාදයකට පැටළුන වෙලාවකදි උන්වහන්සෙ අය කව්ද එක්කෙනාට කට උත්තර නැති වෙන්න දීපු උත්තරයක් තමා මේ... ඕං එහෙනං සංස්කරණය නොකර පොතේ තිබ්බ විදිහටම දානව...

කවර ප්‍රශ්නයකදී වුවද ප්‍රතිවාදියා දණ ගැහෙන පිළිතුරු දීමට බැදිගම නාහිමියන් තුල වූයේ පුදුම දක්ෂ කමකි.

දිනක් බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබ් කාරණා කාරයෙක් බැදිගම හා ආගම් පිලිබඳව වාදයකට පැටළුනේය.

හාමුදුරුවනේ, මේ ලෝකෙ මුලදී තිබුනෙ එක ආගමයි. ඒක පස්සෙ බෙදිල බෙදිල ගියා. නොයෙකුත් ආගම් ඇතිවුනා. දර්ශන ඇති වුනා. ඒක නිසා තමයි මිනිස්සු එක එක දෘශ්ඨි ඇති කරගෙන තිබෙන්නෙ. එක එක ආගම් අදහන්නෙ.  අවසානයෙදි ඔය ආගම් දර්ශන එකට එකතු වෙනව. එක ආගමක් වෙනව.

බැදිගම හිමියන්ගේ මුවින් සිනා ‍රැල්ලක් විහිදී ගියේය.

එතකොට මහත්තය කියන්නෙ මුලදි තිබුනෙ එක ආගමයි, මැදදි ලොකු වුනා, ආයිමත් හීන් වෙලා එකක් වෙනව.

හරි ඒක තමයි මගේ අදහස.

එතකොට මහත්තය කියන ඔය ආගම දෙමළ බෙරයක් වගේනෙ.

මුලත් හීන්, අගත් හීන්, මැද ලොකුයි.

කාරණා කාරයා එයින් එහාට කට හෙලෙව්වේ නැත.

කොහොමැයි ගූගල් ක්‍රොමියට තීම් ක‍ටු හදන්නෙ ?

chrome-theme-go-greenඕං අද දෙන්ටය කියල යන්නෙ ගූගල් ක්‍රොම් මෙව්ව එකට මෙව්ව හදන මෙව්ව එකක්.... ඒ කිව්වෙ ඔය ක්‍රොම් මෙව්ව එකට තීම් හදන හැටි නොවැ... ජංජාලෙ සැරිසරද්දි තමා මේ මෙව්ව එක හම්බ වුනේ.. කෝඩින්ග් නෑ. ඒ කිව්වෙ ඔය අකුරු කොට කොට මොනවද මෙව්ව කොරන එක.. අවම සුදුසුකම් වෙන්නෙ මොකක් හරි රටාවක් ඩිසයින් කොරගන්ට පුළුවන් වෙන එක විට්ය්හරයි. (ගූගල් ඉමේජස් දෙයියන් වාන්සෙ ඉන්දැද්දි එව්ව මොටද) ඕං එහෙනම් යට තියෙන ලින්කුවෙන් ගෙහුං බලන්ටකො.. අමුතුවෙන් ඉගෙන ගන්ටය කියල දෙයක් නෑ.. පොටෝ කෑල්ලක් උපගත (අප්ලෝඩ්) කොරඤ එක විතරයි තියෙඤ්ඤෙ.. දකුණු පැත්තෙ මෙව්ව එකෙං එහෙම දැම්මහම ක්‍රොම් මෙව්ව එක මොනවගේද කියල ගහෙන් වැ‍ටුනු මිනිහට ගොනා ඇන්න වගේ අගේට පෙන්නනව...

මේං මෙතන කිලිකන්න කොරඤ්ඤ

කළු මැණිකෙගෙ අල කොල ඇඹුල... (රංහාමි ගොම කෑ හැටි :P)

දැන්නම් ඇඟේ පතේ තියෙන කම්මැලි කොම ඇරල දාල යන්තම් බ්ලොගියට ලිපි කෑලි වැටෙනව... ඔය එක්ක අද දෙන්න යන්නෙ හිච්චි කතාවක්... මේක උපුටා ගත්තෙ ඒ කියන්නෙ ඉස්සුවෙ පොතකින්. පොතේ නම බත්මුලට වැඳපං සහ තවත් කතාද කොහෙද..... ඔය අපේ තියෙන ගතියක්නොවැ අපේ දේට වඩා අනුන්ගෙ දේට ඇල්මක් දැක්වීම කියන්නෙ...  ආං ඒ ගතිය හින්ද වුනු සිද්දියක් තමා මේ.. කියෝලම බලන්ටකො.

අපේ තියෙන ගතියක් තමා අපි අපේ දේට වඩා අනුන්ගෙ දේට ඇල්මක් දක්වන එක. අනික අපේ පුරුද්දක් තමා අපේ දේ අවතක්සේරු කිරීමත් අනුන්ගේ දේ අධිතක්සේරු කිරීමත්. අපි ලඟ තියෙන යම් බඩුවක් ඒ තත්වයෙන්ම තවත් කෙනෙක් ගාව තියෙනව දැක්කොත් අපි හිතනව ඒ දේ අපි ලඟ තියෙන එකට වඩා බොහොම හොඳ තත්වයෙන් තියෙනවා කියල.

ඔන්න එක ගමක හිටියා රන්හාමි කියලා මනුස්සයෙක්. එයාගෙ අඹු සිඟිත්ත බොහොම හැඩ වැඩයි. ලමයි දෙන්නෙක් හිටියත් තාම තරුණයි. (යකෝ මේකි දණගාන කාලෙද කොයිද ගස් බැඳල තියෙන්නෙ, හැක් හැක්) ඒ අසල්වාසියේ හිටියා කළු මැණිකා කියල මැදිවියේ ගෑණු කෙනෙක්. කළු මැණිකා නමට ගැලපෙන විදිහටම කළුයි. ඒ වගේම කිසි හැඩ වැඩක් ඇති ගෑණු කෙනෙක් නෙමේ. ඒත් මේ රන්හාමි ඔය කියන කළු මැණිකෙ එක්ක හාද කමක් පැවැත්වුව..

ටික කාලයක් යනකොට මේ දෙන්නාගේ සම්බන්ධය ගමේම ප්‍රසිද්ධ රහසක් වුනා. ඒත් මේ පවුල් දෙක අතර අඬ දබරයක් නම් ඇති වුනේ නෑ. ඒ වගේම රන්හාමිගේ භාර්ය්‍යාවත් කළු මැණිකෙත් හිටියේ බොහොම කුළුපගවයි.

දවසක් මේ දෙන්නා දර බිඳින්ට ගිහින් එනකොට වෙල් අල කොළ නෙළා ගෙන ආව... එදා රෑට මේ ගෙවල් දෙකේම වෙල් අලකොල ඇඹුල හැදුවා.

රෑ 8 විතර වෙනකොට රන්හාමි රා ටිකක් හෙම බී ගෙන ගෙදර ආව. (ඕං ආදර්සෙට ගන්ට ඕනෙ චරිතයක්. සුද්දගෙ මෙව්ව බොන්නෙ නැතුව අපේ රටේ දේ බොන්නෙ. සීයට කීයක්ද මන්ද ඔව්වත් ලාංකිකයි) ඉදිලා තියෙනවනම් ගනින්කො කන්ට කියලා බිරියට කීව. ඈ බත් බෙදල අල කොල ඇඹුලයි අනික් මාළුපිණියි එක්ක ගෙනත් දුන්න. මොනවද යකෝ මේ උයල තියෙන්නෙ ? අලකොල ඇඹුලක්ද ? හබරල කොල ඇඹුලක්ද ? බලපං මේව කටකින් කන්ට පුළුවන්ද ? ලුණු ටිකක් නෑ ඇඹුල් ටිකක් නෑ. කිය කියා බත් පිඟානත් පැත්තකින් තියල බිරියට බයින්න පටං ගත්තා.

බේරෙන්ට බැරි තැන ඈ කීව කෑ නොගහ ඔහොම හිටපල්ල. මම කළු මැණිකෙලෑ ගෙදර ගිහිං එහෙං අල කොල ඇඹුල් ටිකක් ගෙනත් දෙන්නම්. කලු මැණිකත් අල කොල ඇඹුල හදනවා කිව්ව කියල.

ඒ කතාවට රන්හාමි එකඟතාවයක් දැක්වුවා. එයාගේ බිරිය පීරිසියකුත් අරගෙන අල කොල ඇඹුල් ගෙනෙන්ට යන්න පිටත් වුනා. ඈ වටපිට බැළුවා. කවුරුත් පේන්ට නෑ. හෙමින් සැරේ ලඟ තිබුණු හරක් ගාලට රිංගුවා. ඒ වෙලාවෙම දමාපු ගොම ටිකක් පීරිසියට දමා ගෙන ඇවිත් රන්හාමිට දුන්නා. (බෝම ගුණ යහපත් බිරිඳක් නොවැ :P) ඕන් මේවා කාලා බලපල්ලාකො කියලා.

රන්හාමි කළු මැණිකා උයාපු අල කොල ඇඹුල කියලා හිතාගෙන අර පීරිසියේ තිබුණ ගොම ටික බත් පතට හලාගෙන ඒවත් එක්ක බත් කන ගමන් ඕං උඹත් ඉගෙන ගනින් මෙහෙම අල කොල ඇඹුල් හදන්ට. ලුනු මිරිස් ඇඹුල් පදමට දාල. අනික මේ අලකොල ඇඹුල උණු උණුවේ තියෙනව. උඹ උයපු එක අයිස් දමලා වගේ සීතල. මෙහෙම උයලා තියෙනවා නම් බත් පිඟන් දෙකක් කන්ට බැරියෑ. කිය කියා කළු මැණිකෙගෙ අල කොල ඇඹුලත් එක්ක කෑදර කමට බත් පිඟානම කෑව...

හැක හැක.... දැන් තියෙන්නෙ හරක්ට එකතු වෙලා හොඳ හෝටලයක් දාන්න, බිඳුවක් නෑරම ලාංකික එව්ව බොන ඈයො එහෙම ඇවිත් අගේට කාල යන්නැතෑ.... :P

වදන් කවි පොත....

හප්පා.. කාලෙකින් බ්ලොගිය පැත්තට ආව... මේ පාර දෙන්ට යන්නෙ අමුතු පොතක්. අමුතු කිව්වෙ මේක එහෙමටම අමුත්තක් නෑ. ඒ වුනාට ඔය පරසුද්දගෙ ඉලව් අධ්‍යාපන ක්‍රොමේ ලබන අපිට නම් මෙව්ව මැජික් වගේ..  ඔය සුද්ද එන්ට ඉස්සර අපිට වෙනමමම අධ්‍යාපන රටාවක් තිබ්බලුනෙ.. තිබ්බ කියන්නෙ ඔහේ තියෙනවට තිබ්බ එකක් නෙමේ නියමම අධ්‍යාපන රටාවක්.  ඒ කාලෙ ඔය ඉගෙන ගත්තය කියන්නෙ කොල කෑලි වල දෙන ලද පුරස්න වලට උත්තර අමුනන්නම නෙමේනෙ.  දැන්නෙ අපි එහෙම කරන්නෙ. ඇහුව. ලිව්ව. පරස්නෙ කියෙව්ව. උත්තර ලිව්ව. ඊට පස්සෙ කියෝපුව ඔලුවෙ හතරමායිමේවත් නෑ.  ඔය දැං විජ්ජාව වගේ අවිද්‍යාවෙන් ඉගෙන ගන්න ඈයොන්ට නං හිතෙයි මොකක්ද මේ පරණ අධ්‍යාපන ක්‍රොමේ කියල.. විජ්ජාවක් ගෑවිලා වත් නෑනෙ... ඒ වුනාට මෙහෙව් අධ්‍යාපන ක්‍රම වලින් මහා ලොකු පණ්ඩිතවරු බිහි වුන බවත් මතක තියාගන්ට ඕනේ. කොටින්ම පූජාවලියෙ එන ජීවක වෙදතුමා බිහිවුනෙත් ඔය ගුරුගෙදර අධ්‍යාපන ක්‍රොමෙන්නෙ. එව්වගෙ වදන් කවි පොත් කියෙව්වද මම දන්නෙ නෑ. ඒ වුනාට එහෙව් අය බිහි වුනේ සුද්දගෙ මෙව්ව ක්‍රොමෙන් නම් නෙමේ...
විකාර කියෙව්ව ඇති. ඔය මං අතිරේක විසයකට කොරන සිංහල සාහිත්‍යය වලටනෙ මේ වදන් කවි පොත ගත්තෙ. ඒකෙ අච්චු පොතේ එහෙම පාඩමක් තියෙනවනෙ. ඉතින් ඔන්න ඔහෙ ජංජාලෙ වදන් කවි පොතක ඊ පොත් කෑල්ලක් වත් හොයාගන්ට නැති නිසා මට හදන්ට හිතුන.මං හැදුවෙ නෑ. කැමරා ක‍ටුවෙන් පොටෝ කෑලි ටිකක් ගැහුව. ටයිප් කොරන්ට කම්මැලි කොමේ එහෙම නෙමේ. මෙව්වයෙ තියෙන සමහර බැඳි අකුරු මේ පරිඝණක විසේසඤ්ඤයො හදපු මුරුදුකාංග ක‍ටුවලින් කොටන්ට බෑ නොවැ. ඒක නිසා මෙහෙම කොලා. පූරුවෙ කොල පවට ඉස්කෑනර් රාජයෙක් වත් නෑ නොවැ. එහෙම හිටිය නම් වතුර වගේ පැහැදිලි භාවයකිං මේකෙ පොටෝ ක‍ටු ටිකක් ගන්ට තිබ්බ....
   මොනා වුනත් මේක සූම් කොරල ගන්ට ඇහැකි. අර මොනවද පික්සල් 7.2 නිසා සූම් කොලාට අවුලක් නෑ... කියවන්ට ආස අය ඉන්නවනම් ඔය යටිං පිලිවෙලට දාල තියෙන පොටෝ කෑලි වල මීයගෙන් කොට කොට බලන්න....

වදන් කවි පොත…..

DSC06556

 

DSC06557

 

DSC06558

 

DSC06559

 

DSC06560

 

DSC06561

 

DSC06562

 

DSC06563

 

DSC06564

 

DSC06565

 

DSC06566

 

DSC06567

 

DSC06568

 

DSC06569

 

DSC06570

 

DSC06571

 

DSC06572

 

DSC06573

පංචමහා වාදය - බද්දේගම වාදය

මාස කීයකින්ද මන්ද මේ පෝස්ට් එක ලියන්නෙ. දැන් නම් බ්ලොග් එක ලියන්නත් කම්මැලියි. කලින් පංචමහාවාදෙ වාද තුනක් දුන්න. මෙන්න හතරවෙනි එක. බද්දේගම වාදය. මේකෙ ඊ පොත හදල සෑහෙන කල්. ඔච්චර දිග මෙව්ව එකක් ටයිප් කරන්න පුළුවන් වුනාට කොට බ්ලොග් ලිපියක් ටයිප් කොරන්ට කම්මැලියි නොවැ. මේකත් වැඩිය ටයිප් කොරන්ට කම්මැලියි.. අන්තිම වාදෙ ඌරුගොඩවත්තේ වාදය. ඒක තමා දිගම එක. ඒක මේ දවස් වල ටයිප් කොරගෙන යනව.. කොහෙද ඉස්කෑනොර් කට්ටක් වත් නෑ නොවැ. එහෙම තිබ්බ නම් තිබ්බ ගත්ත දැම්ම... ඊ පොත විනාඩි දෙකෙං... ඒකත් හැකි ඉක්කනින් ටයිප් කොරල දාන්නම්කො. දැනට මේක ඕනෙ අය බාගන්න... යට ලින්කුව ඇති.

මෙන්න බාන්ට